අපි දකින බොරු ලෝක සිතියම 

පාසල් කාලයේ සිට ඔබ දැකපු ලෝක සිතියම වැරදි බව ඔබ දැන සිටියාද ?

ඔබ පාසලේදී නොයෙකුත් අවස්ථාවල දී ලෝක සිතියම භාවිතා කර ඇති අතර සිතියම් අධ්‍යනය නමින් වෙනම විෂයක් ද අප පාසල් යන විට පැවතුණි.නමුත් අප මෙම භාවිතා කරන ලෝක සිතියම ලෝකයේ රටවල් වල ප්‍රමාණය පිළිබඳ අපට ලබාදෙන්නේ වැරදි චිත්‍රයකි.බලන්න ලෝක සිතියම දෙස ඔබට දැක ගන්නට පුළුවන් එහි,

1.අප්‍රිකාව උතුරු ඇමරිකාවට වඩා තුන්ගුණයක් විශාල වුවද උතුරු ඇමරිකාව විශාල ලෙස ලෝක සිතියමේ දක්වා ඇත.

2.චීනය ග්‍රීන්ලන්තයට වඩා හතර ගුණයක් විශාල වුවද චීනය ග්‍රීන්ලන්තයට වඩා කුඩා ලෙස ලෝක සිතියමේ දක්වා ඇත.

3.බ්‍රසීලය ඇලස්කාවට වඩා පස් ගුණයක් විශාල වුවද වුව ද බ්‍රසීලය ඇලස්කාවට වඩා කුඩා ලෙස ලෝක සිතියමේ දක්වා ඇත.

4.අප්‍රිකාව ග්‍රීන්ලන්තයට වඩා දහ හතර ගුණයක් විශාල වුවද ග්‍රීන් ලන්තය සහ අප්‍රිකාව සමාන ලෙස ලෝක සිතියමේ දක්වා ඇත.

5.ඉන්දියාව සියලුම ස්කැන්ඩිනේවියානු රටවල් වලට වඩා තුන්ගුණයක් විශාල වුව ද ඉන්දියාව කුඩා ලෙස ලෝක සිතියමේ දක්වා ඇත.

ඉහත දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණි.මෙලෙස ලෝක සිතියම විකෘති වීමට හේතු කිහිපයක් බලපා ඇත එනම් 

1.ත්‍රිමාන ලෝක ගෝලය දිවිමාන කඩදාසියක් මත සිතියම් කිරීම ඉතාම අපහසු නිසා.

2.අප දැනට භාවිතා කරන 1596 Marcator projection එක අනුව නාවිකයන්ට මුහුදු ගමන් පහසු කිරීම සඳහා නිර්මාණය කරන ලද හුදු මනක්කල්පිත අක්ෂාංශ සහ දේශාංශ රේඛා ඇඳි ද්විමාන කඩදාසියක් මතට ත්‍රිමාණ ලෝකය ගැනීමේදී සමකය ආසන්නයේ දී රටවල් කුඩා වන අතර සමකයෙන් ඈතට යන විට රටවල් විශාල වන නිසා .(මෙය සිදු වන ආකාරය පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට තේරුම් ගත හැක )

3.හිතා මතා ම බටහිර රටවල් විසින් තුන්වන ලෝකයේ රටවල් කුඩා ලෙස දැක්වීමට මෙලෙස කළ බව ද ලෝකයේ මතයක් ඇත.

කෙසේ නමුත් Marcator  projection එකේ රටවල් වල ප්‍රමාණය වැරදි නමුත් රටවල් වල හැඩය නිවැරදිය.මෙම අඩුපාඩු නිවැරදි කිරීමට The Gallpeters projection එක අනුව නිමවන ලද ලෝක සිතියමේ දී මෙම අඩුපාඩු තරමක් මග හැරුණද රටවල් වල හැඩය වෙනස් වෙනස් කම්වලට භාජනය වුණි.පහත ඡායාරූපයෙන් ඔබට එය දැක ගත හැක.

 ලෝක සිතියමේ පිහිටි රටවල් එය පිහිටන ස්ථානය අනුව එහි ප්‍රමාණය වෙනස් වන ආකාරය දැන ගැනීමට හැකි වෙබ් අඩවියක් නිර්මාණය වී ඇත. thetruesize.com වෙබ් අඩවියට පිවිසි ඔබ කැමති රටක් ලෝක සිතියමේ පිහිටන ආකාරය වෙනස් කර එහි ප්‍රමාණය වෙනස් වන ආකාරය ඔබට දැක ගැනීමට පුලුවන්.ලංකාව ධ්‍රැව ආසන්නයේ පිහිටියේ නම් අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලෝක සිතියම මත  ලංකාවේ  ප්‍රමාණය වෙනස් වන ආකාරය පහත ඡායාරූපයෙන් ඔබට දැක ගත හැක 

කෙසේ නමුත් ත්‍රිමාණ ලෝකය දිවිමාන කඩදාසියකට ගැනීම ඉතාම අපහසු අතර ඔබ දකින google ලෝක සිතියම ද භාවිතා කරන්නේ  Marcator projection  එක නිසා එහි දී ද ඔබ දකින්නේ සැබෑවටම ලෝකය දිස්වන ආකාරය නොව. 

Advertisements

අන්වීක්ෂයකින් ව්ශාල කරන ලද චායාරූප.

1.බල්ලෙකුගේ ලොම් අතර සිටින මැක්කෙක්.

2.මුද්දරයක දැති අයින.

3.මිනිස් සමේ දහඩිය එලියට එන සිදුරක්.

4.හිසේ සිටින උකුනන්

5.ටොයිලට් පේපර් එකක්.

6.කැඩුනු මිනිස් හිසකෙස් ගහක්.

7.ඉදිකටුවක් සහ නූලක්.

8.ක්‍රීඩා කරන්න අදින ජර්සියක්.

9.රේසර් එකකින් කපන ලද රැවුල් ගසක් (වම් පස) සහ ට්‍රිමර් එකකින් කපන ලද රැවුල් ගසක්

​ඩොලර් ට්‍රිලියන එකකින් පාන් ගෙඩියක් ගන්න බැරි සිම්බාබ්වේ.




කලින් රොඩේෂියාව නමින් හැඳින්වූ zimbabwe 1980 වර්ෂයේදී zimbabwe dollar හඳුන්වා දුන්නේ ඇමරිකානු ඩොලර් එකක් zimbabwe ඩොලර් එකකට සමාන අනුපාතයෙනි. නමුත් දූෂිත පාලනය හමුවේ හටගත් අධි උද්ධමනය හේතුවෙන් ඇදහිය නොහැකි ලෙස කඩාවැටුණු සිම්බාබ්වේඩොලර අගය 2009 වනවිට ඇමරිකානු ඩොලරයට හුවමාරුවන අනුපාතය වූයේ ඇමරිකානු ඩොලර් එකක් zimbabwe dollar බිලියන 250 කටත් වඩා වැඩි අගයකිනි. එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමට කරත්තයක මුදල් ගෙනයාමට zimbabwe වැසියන්ට සිදු විය. කිහිප වරක්ම zimbabwe 100000 ඩොලර් එකකට අඩුකලද මුදලේ අගය කඩා වැටීම පාලනය කරගත නොහැකි වූ zimbabaya රාජ්‍යය දෙදහස් නවයේ දී ඔවුන්ගේ මුදල් ඒකකය අතහැර දමන ලදී. දැන් ඔවුන්ගේ රටේ භාවිතා වෙන්නේ වෙනත් රටවල් කිහිපයක මුදල් වන අතර 2016 වනතුරු සිම්බාබ්වේ මුදල් ඇති ගිණුම් හිමියන්ට ඔවුන්ගේ මුදල් ඇමෙරිකානු ඩොලර් වලට හුවමාරු කිරීමට අවස්ථාව තිබුණි. 2015 දී එම ගණුම්වල මුදල ඇමෙරිකානු ඩොලර් වලට හැරවීමේ අනුපාතය වූයේ

1 USD = 35000000000000000 Zimbabwe dollars

ජපනුන් හපනුන් වන්නේ කෙසේද

ජපානයේ පාසල් තුළ අවුරුදු 10 සම්පූර්ණ වනතුරු පාසල් ළමුන් සඳහා කිසිදු තරඟ විභාගයක් නොපැවැත්වේ. පාසලේ ගෙවන පළමු අවුරුදු තුන කුඩා දරුවන්ගේ දැනුම මැන බැලීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් සලකන්නේ. මෙම කාලය තුළ ඔවුන් මෙම කුඩා දරුවන් සඳහා හොඳ සිරිත් විරිත්, අන් අයට සතුන්ට සහ පරිසරයට ගරු කිරීම සහ ආදරය කිරීම උගන්වනු ලබනවා.

ඒ වගේම ත්‍යාගශීලීවීම, කාරුණිකවීම, අධිෂ්ඨානශීලී බව සහ ස්වයං විනය ඔවුන්ට පුරුදු පුහුණු කරනවා මෙසේ පූර්ව ළමාවිය නිසි ලෙස සංවර්ධනය කිරීම නිසා උගත් බුද්ධිමත් පරිසරයට ආදරය කරන එකිනෙකාට ගරු කරන ජපන් ජාතියක් බිහි කිරීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.

මන්තීරු 20ක් පලල් මාර්ග ඇති මුත් මිනිසුන් නොමැති අගනුවර.

මේ දිනවල නිතර කතාබහට ලක්වන මියන්මාරයේ තිබෙන එහි අගනුවර වන පාළු නගරයක් පිළිබඳවයි අද අපි ඔබට ගෙන එන්නේ. වසර ගණනක් තිස්සේ මියන්මාරය පාලනය කල military ආණ්ඩුව මගින් එහි අගනුවර වූ Yangon නගරය වෙනස් කොට අලුතින්ම ඉදි කළ නගරයක් වන Naypyitaw නගරය මියන්මාරයේ අගනුවර ලෙස නම් කරනු ලැබුවා. ලන්ඩන් නුවර මෙන් හතර ගුණයකටත් වඩා විශාල මෙම නව නගරයට ඔවුන් සිතූ තරම් මිනිසුන් ආකර්ෂණය වූයේ නම් නැහැ. ලන්ඩන් නුවර ජනගහනය මිලියන 8.6 වෙද්දී මෙම නව නගරයේ ජනගහනය ලක්ෂ 9ක් පමණයි.

ඩොලර් බිලියන හතරක් වැනි අති විශාල මුදල් ප්‍රමාණයක් වැය කොට මන්තීරු 20 අධිවේගී මාර්ග,උද්‍යාන,හෝටල්, සාප්පු සංකීර්ණය, වයිෆයි කලාප, ඇතුලු සියලුම පහසුකම් සහිතව ඉදිකර ඇති මෙම නව නගරය උසුලන්නේ දැඩි පාළු ස්වභාවයක් පහත ඡායාරූප වලින් ඔබට වැටහේවි එය කෙතරම් පාළු ස්වභාවයක් උසුලනවාද කියා.